Nikini Full Moon Poya Day Program

  • 2021/08/22
  • Organized by : SLAJ

ජපානයේ ශ්‍රී ලංකා සංගමය මගින් පැවැත්වීමට සුදානම් කර ඇති ධර්ම දේශන මාලාවේ “නිකිණි පුර පසළොස්වක පොහෝ දින ධර්මදේශනය” මෙවර පවත්වනු ලබන්නේ අති පුජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසිනි. පවතින කොරෝනා තත්වයන් යටතේ මෙම කටයුත්ත සිදුකරන බැවින් සෘජුවම ධර්මදේශනය පවත්වන ස්ථානයට සියළුම දෙනාහට ආරාධනය කිරීමට අපහසුතාවයන් පවතින බැවින්, මෙම කටයුත්ත සදහා අත්‍යවශ්‍යම කිහිප දෙනකු පමණක් සහභාගී කරගෙන ධර්මදේශනය සිදුකිරීමටත්, එය ශ්‍රී ලංකා සංගමයේ නිල මුහුණු පොත හරහා සියලු දෙනාහට දැකගැනීමට සලස්වන බවත් කාරුණිකව දන්වා සිටිමු. දිනය : 2021 අගෝස්තු මස 22 ඉරු දින වෙලාව : පස්වරු එකේ (1PM ) සිට ( ජපානයේ වේලාවෙන්) සංවිධායක කමිටුව ජපානයේ ශ්‍රී ලංකා සංගමය.