ශ්‍රී ලංකා සංගමයේ නව විධායක මණ්ඩලය තානාපතිතුමන් හමුව..

未分類

ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ 2023/2024 වසරේ නව විදායක මණ්ඩලය ඊයේ දිනයේ ගරු තානාපතිතුමන් හමුවුනා. එහිදී ව්‍යවස්තාවේ නව සංශෝධන සහ නව නිලදාරී මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබදව ඉතා පුළුල් ලෙස සාකච්චා කරනු ලැබූ අතර ජපානයේ ශ්‍රී ලංකා සංගමය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙන්ම ජපන් ප්‍රජාවටද සිදුවියයුතු සේවාව පිළිබදව හරවත් සාකච්චාවක නිරතවුවා. තානාපති කාර්‍යාලය ලෙස අවශ්‍ය ඕනෑම සහයෝගයක් සංගමයවෙත ලබාදීමට ගරු තානාපතිතුමන් එකගවූ අතර මේ වසරේදී ශ්‍රී ලංකා සංගමය ඉප්පන් ශදන් හෝජින් ලෙස ලියාපදිංචි කිරීම පිලිබදව ප්‍රශංසා එක් කරනු ලැබුවා.

මෙම සාකච්චාව සදහා තානාපති කාර්‍යාලය නියෝජනය කරමින් ගරු තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා, සේසත් තාඹුගල මහත්මිය, අචිනි පෙරේරා මහත්මිය සහ කපිල කුමාර මහතාද
ජපානයේ ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් සභාපති අනිල් ප්‍රියන්ත මහතා, උදය අතුකෝරාල, නවීන් චන්ද්‍රසේකර, රන්දික සේදර යන මහත්වරුන්ද එක්ව සිටියා.