Binara Full Moon Poya Day Program

  • 2021/09/20
  • Organized by : SLAJ

ජපානයේ ශ්‍රී ලංකා සංගමය මගින් පැවැත්වීමට සුදානම් කර ඇති ධර්ම දේශන මාලාවේ “බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්මදේශනය” මෙවරද පවත්වනු ලබන්නේ අති පුජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසිනි. පවතින කොරෝනා තත්වයන් යටතේ මෙම කටයුත්ත සිදුකරන බැවින් සෘජුවම ධර්මදේශනය පවත්වන ස්ථානයට සියළුම දෙනාහට ආරාධනය කිරීමට අපහසුතාවයන් පවතින බැවින්, මෙම කටයුත්ත සදහා අත්‍යවශ්‍යම කිහිප දෙනකු පමණක් සහභාගී කරගෙන සිදුකිරීමටත්, එය ශ්‍රී ලංකා සංගමයේ නිල මුහුණු පොත හරහා සියලු දෙනාහට දැකගැනීමට සලස්වන බවත් කාරුණිකව දන්වා සිටිමු. දිනය : 2021 සැප්තැම්බර් 20 සදුදා දින වෙලාව : පස්වරු 4 සිට ( ජපානයේ වේලාවෙන්) සිදුකරනු ඇත.