පසුගියදා අප විසින් පවත්වන්නට යෙදුන “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහනින් පසුව…

未分類

පසුගියදා අප විසින් පවත්වන්නට යෙදුන “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහනින් පසුව ජපානයට යෑමට උපකාර කරනලෙස ඉල්ලා සියගණන් ලිපි සහ පණිවුඩ ලැබෙමින් පවතී. ඇතැමුන් මුදල් ගෙවීමටද කරන යෝජනා බොහෝය. තවත් විටක ප්‍රදේශිය දේශපාලකයන්ද මේ සදහා අපගෙන් ඉල්ලීම් කරයි. නමුත් එය බරපතල වරදක් සහ කළ නොහැක්කකි. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් යොදා ගනිමින් අප මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කරනු ලැබූවේ නියමාකාරයෙන්, කිසිවෙකුගේ උපකාරයකින් තොරව තැරවූකරුවන්ටද මුදල් නොගෙවා, සුදුස්සන් හට “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීම” ට අත්වැලක් වීම සදහා පමණි.

අදාල සුදුසුකම් (වැඩසටහන ඇතුලත් වීඩියෝ පටය බලන්න) සපුරා ඇති අයවලුන් සදහා පවත්වන විභාගයන් සමත්වීම හැර වෙන කුමන ක්‍රමවේදයක් හෝ මේ සදහා නැත. අවශ්‍ය වන්නේ ඔබ නියමාකාරයෙන් ජපන් භාෂාව ඉගෙන ගෙන අදාල විභාගය සමත්වී සුදුසුකම් සපුරාලීම පමණි. විභාග පැවැත්වෙන කාල වකවානු පිළිබදව අප සංගමයේ නිල වෙබ් පිටුවේ සදහන් කරන අතර කෙටි මාර්ග සෙවීමට ගොස් අත ඇති මුදල් නැතිකර නොගන්නා ලෙස දන්වා සිටිමු.