“නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහන…. සම්පුර්ණ වැඩසටහන ඇතුලත් වීඩියෝ පටය ඇතුලත්කර ඇත.

未分類

ජපානයේ ශ්‍රී ලංකා සංගමය සහ SL House ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහන ඉතා සාර්ථකව අවසන් විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා සංගමයේ සංගමයේ (ශ්‍රී ලංකා) විශේෂ නියෝජිත රොෂාන් ගමගේ මහතා, ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සහ ශ්‍රී ලංකා සංගමය නියෝජනය කරමින් සිරි හේරත් මහතා, විද්වත් සංගමයේ ගරු සභාපති මහාචාර්ය N.S. කුරේ මහතා, වෘතිකවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් නේලක හතුරුසිංහ මහතා, ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මයුර කරන්දන මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින් එහි අතිරේක සමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා සම්බන්දවිය.