Statement by SLAJ President

සැබෑවටම නොතේරෙන දෙයක්නම් එය ඔහුට හෝ ඇයට තේරුම් කරදිය හැකිය. කාහටත් තේරුම්ගතහැකි ආකාරයට සිංහලෙන්ම ලියා ඇති දෙයත් තේරුම් නොගෙන තප්පුලන උද්දච්ඡ මෝඩයන්ට එය ගැලපෙන්නේ නැත. එබැවින් අප සංගමයේ සාමාජිකයන්ද නොවන මොවුන් සමග කරන මෙම සංවාදය නතරකර දමන ලෙස මම ශ්‍රී ලංකා සංගමයේ සාමාජිකත්වයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙතෙක් ශ්‍රී ලංකා සංගමයේ සාමාජිකයකු නොවන පුද්ගලයකු උවද යම් කරදරයකට පත්වූ අවස්තාවල අප කටයුතු කලේ ඔහු සංගමයේ සාමාජිකයකුද නැද්ද සලකා නොවේ. ශ්‍රී ලාංකිකයකු ලෙසට අපට හැකි උපරිමයෙන් අපි එම අවස්‍යතාවය ඉටුකලෙමු. නමුත් එය වරදක් වී ඇති බව මා දැන් දකිමි. එබැවින් සංගමයේ ලියාපදිංචි වී ක්‍රමානුකුලව සාමාජිකත්වය ලබා නොමැති කුමන කෙනෙකුගේ හෝ කටයුත්තක් වෙනුවෙන් ශ්‍රී ලංකා සංගමය මින් ඉදිරියට මැදිහත් නොවන බව දන්වා සිටිමු.

2018 ජනවාරි 02 දින නික්කෝ ප්‍රදේශයේදී රිය අනතුරකින් මියගිය සිසුවාගේ දේහය බාරගෙන ලංකාවට යැවීම සදහාද ඉදිරිපත් වුයේ මේ ගැරහුම් ලබන ශ්‍රී ලංකා සංගමයේ අනිල් මහතාමය. ඔහුගේ ඓතිවාසිකම් වෙනුවෙන් අදටත් උසාවියට බඩගන්නේද ඔහුය. ඒ මියගිය සිසුවාගේ දෙමුපියන්ට සාදාරණ වන්දියක් ලබාදීම වෙනුවෙනි.

වසර ගණනාවක් අක්‍රියව පැවති ශ්‍රී ලංකා සංගමය නැවත සක්‍රිය කරනු ලැබුවේ වසර 2017 මැයි 27 දිනය. එතැන් සිට ශ්‍රී ලංකා සංගමය නිලවශයෙන් සම්බන්ද වැඩසටහන් අප වෙබ් පිටුවෙන් දැක බලාගත හැකිය.

https://www.slaj.jp/

ඒවගේම සැමදෙනම තේරුම් ගතයුත්ත නම් මෙය අපේ රැකියාව නොවන බවත් මේ සියලු ස්වෙච්චා කටයුතු අප සාමාජිකයන් ඉටුකරන්නේ ඔවුනගේ රැකියාවද / අද්‍යාපන කටයුතුද කරන අතර තුර බවය. එබැවින් රෑ එළිවෙනවිට දේවල් සිදුවන්නේ නැත.
එසේ කිරීමට හැකියාව ඇති අයකු වේනම් මේ සියල්ල ඔවුන් වෙත පවර දිය හැකිය.

සමන් ප්‍රියංකර
සභාපති , ශ්‍රී ලංකා සංගමය – ජපානය