කාරුණික දැනුම්දීමයි.

  • 2022/02/20
  • Location : SLAJ
  • Organized by : SLAJ

ශ්‍රී ලංකාවේ සිටින, සැබෑලෙසම ආර්ථිකමය අපහසුතා සහිත පුද්ගලයන් සඳහා රුපියල් 3000 පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර පාර්සලයක් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ මුලිකත්වයෙන් කටයුතු සුදානම් කරමින් සිටි. ශ්‍රී ලංකාවේදී මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරනු ලබන්නේ තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය, රොෂාන් ගමගේ මහතා විසින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්කොට ගනිමිනි. මේ සදහා ජපානයේ වෙසෙන ඔබ සැමගේත්, සියලුම ශ්‍රී ලංකික සංගම් වලත් සහයෝගය ඉතාම ගෞරවයෙන් අපේක්ෂා කරමු.

මේ සදහා ඔබට ලබාදියහැකි දායකත්වය පිළිබදව 2022 පෙබරවාරි මස 20 දිනට පෙර ශ්‍රී ලංකා සංගමයේ විද්‍යුත් තැපෑලට contact@slaj.jp හෝ ෆැක්ස් අංක 047 441 7207 අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සමන් ප්‍රියංකර
සභාපති
ජපානයේ ශ්‍රී ලංකා සංගමය. 

Sri Lanka Association in Japan