ජපානයේ ශ්‍රී ලංකා උළෙල 2022

未分類

2年ぶりに開催されたスリランカ・フェスティバル・イン・ジャパンが先日終了しました。コロナ禍前の15年間、東京・代々木公園で開催されたスリランカフェスティバルは、100を超える出店があった大規模なものでした。今回も日本で開催されるスリランカフェスティバルが東京ではなくなってしまったため、今回は18の出店に限定し、東京以外の鎌ヶ谷市で開催することにしました。

今年のスリランカフェスティバルのイニシアチブは、日本スリランカ協会が主導しました。東京・代々木公園で開催されたスリランカフェスティバルに比べると規模が小さいことから「ミニスリランカフェスティバル in 鎌ヶ谷」と名付けました。鎌ヶ谷市議会は、非常に短い期間で計画されたフェスティバルのために予想以上の

協力をしてくださいました。鎌ヶ谷市の協力のもと、新聞、テレビ、ラジオ、鉄道会社に連絡を取り、フェスティバルに必要な広報活動も行いました。駅や車内の広告は、日本ではとても有効なPRとなります。通常、有料広告が表示される場合、1 日あたり約 40 万円です。 60日で2400万円。ルピーで60,000,000です。しかし、新京成電鉄様は 60 日間無料で広告を掲載してくれました。又、 J-Comさんは、アナウンサーの方もサリーを身に着け、午後のニュースで15分間、スリランカとスリランカの祭りについてのPRをしてくれました.。そしてNHK ラジオさんは、 29 日午後 6 時 5 分から午後 6 時 20 分の15分間、全国放送でスリランカとスリランカ フェスティバルについて放送してくれました。こういった広報活動を最後までしっかりとコーディネートしてくださった門脇美波さん、娘のハルカさん、サリーや、ネックレスやバングルを持ってきて参加者のスタイリングをしてくださったパドマさん、協力してくださったスリランカの女性たち、ありがとうございました。

今回のフェスティバルは、当初から、日本スリランカ協会が費用を負担し、屋台を無料で提供することに決めていました。機材等は知人から借りることで、コストの削減に成功し、無事に開催することができたのです。小物や印刷物など出店に必要なものは、サユリインターナショナルさん から、発電機は Weeramuni Trading  の Kumara Veeramuni さん、Nishiko Company の Nishantha Ganage さん、水は 徳川さん から、テーブルチェアは EAD の Chinthaka 氏から、会場の場所は、くすりの福太郎様から無料で提供していただきました。 私たちは、こうした皆さんの協力のお陰で、今回のフェスティバルを行うことができました。

フェスティバルへの参加を快く承諾してくださった屋台のオーナーの皆様、スリランカからキングココナッツを飛行機で持ってきてくださった ADC の Wiraj さん、そしてジュリアインターナショナルのTilakさん、これまで支え励ましてくださった鎌ヶ谷市長 芝田裕美様を始め、22名の市議会議員の皆様、千葉県議会議員 石井一美様、衆議院議員 松本尚様、数日前に大使に就任したロドニー・ペレラ大使、そしてスリランカ大使館のすべての方へ、心より感謝申し上げます。

又、当初より私を支えてくれていた Anil Priyantha さん、Navin Lakmal さん、Jagath Ramanayakeさん、すべてのアートワークを作成した娘の Harukaさん、屋台の建設から最後までサポートしてくれた Kumaraさん 、キャンペーン活動で私をサポートしてくれた Prem さん 、本当にありがとうございました。

そして、迷わず金銭面のサポートをしてくれた妻の良香、細かな不具合も許さず丁寧に管理してくれただけでなく、ナビンさんと一緒に司会もしてくれた南さん、カルナカララ アーユルヴェーダ&ヨガ インスティテュートの生徒の皆さん、音楽を提供してフェスティバルを明るくしてくれたアジャンサさんと彼のチーム、フジテレビのカメラチーム、日本スリランカ友好協会の吉田さん、開会式にて日本とスリランカの国家の演奏をしてくださった日本伝統文化の会/地唄箏曲美緒野会の足立さん、ご協力本当にありがとうございました。

最後に、今回のスリランカフェスティバルを成功させるため、様々な形でご支援くださった

全ての方々に心より感謝申し上げます。

වසර දෙකකට පසුව පවත්වන ලද ජපානයේ ශ්‍රී ලංකා උළෙල පසුගියදා අවසන් විය. කොරෝනා වසංගතයට පෙර වසර 15ක් පුරා ටෝකියෝ යෝයෝගී උද්‍යානයේ පවත්වන ලද ශ්‍රී ලංකා උළෙල වෙළදකුටි සියයකට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත එකක් විය. මෙවර එය වෙළදකුටි දහ අටකට පමණ සීමාකොට ටෝකියෝ නගරයෙන් පිට කමගයා නගරයේ පවත්වන්නට තීරණය කරන ලද්දේ මෙවරද ජපානයේ ශ්‍රී ලංකා උළෙල ටෝකියෝ නගරයේ නොනොපැවෙත්වන තත්වයකට පත්ව තිබූ බැවිනි.

මෙවර ශ්‍රී ලංකා උළෙල සදහා මුලිකත්වය ගනු ලැබුවේ ජපානයේ ශ්‍රී ලංකා සංගමයයි. ටෝකියෝ යෝයෝගී උද්‍යානයේ පවත්වන ශ්‍රී ලංකා උළෙලට සාපේක්ෂව කුඩා එකක් වූ බැවින් අපි එයට “Mini Sri Lanka Festival in Kamagaya” ලෙස නම් තැබුවෙමු. ඉතාමත්ම කෙටි කාලයක් තුල සැලසුම් කරන ලද උළෙල සදහා සුවිශේෂී සහයෝගයක් ලබාදුන්නේ කමගයා නගර සභාව විසිනි. උළෙල සදහා අවශ්‍ය වන ප්‍රචාරක කටයුතු සදහා පුවත්පත්, රුපවාහිනී, ගුවන්විදුලි නාලිකා මෙන්ම දුම්රිය සමාගම් සම්බන්ධ කර දුන්නේද කමගයා නගර සභාවය. දුම්රිය ස්ථාන සහ මැදිරි තුල කෙරෙන ප්‍රචාරක කටයුතු ජපානයේ සුවිශේෂී තත්වයක් ගනී. සාමාන්‍යයෙන් මුදල් ගෙවා දැන්වීම් ප්‍රදර්ශනය කරන්නේ නම් එය දල වශයෙන් දිනකට යෙන් 400,000 කි. දින 60 ක් සදහා යෙන් 24,000,000 කි. එය රුපියල් වලින් නම් 60,000,000කි. නමුදු කේසෙයි විදුලි දුම්රිය සමාගම දින 60ක් පුරා කිසිදු අයකිරීමකින් තොරව මෙම කටයුත්ත ඉටුකර දුන්නේය. ප්‍රදේශයේ රුපවාහිණිය දහවල් පුවත් තුල විනාඩි 15 ක්ම ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා උළෙල පිළිබදව සුවිශේෂී ප්‍රචාරයක් ලබාදුන්නේ නිවේදිකාවද ඔසරියකින් හැඩගස්වමිනි. NHK ගුවන් විදුලිය මුළුරටම ආවරණය වන ලෙසින් 29 දින සවය 6:15 සිට 6:25 දක්වා ශ්‍රී ලංකව සහ ශ්‍රී ලංකා උළෙල පිලිබදව කථා කිරීමට ගුවන් කාලය ලබාදුන්නේය. මේ කටයුතු සදහා අදාල සම්බන්දතාවයන් ලබාදුන් නගරාධිපතිතුමියටත්, එතැන් සිට අවසාන මොහොත දක්වා සියළුම සම්බන්ධීකරණය කොට ක්‍රියාවට නංවන ලද මිනාමි කදොවකි මෙනවියටත්, මාගේ දියණිය හරුකාටත්, සාරි, ඔසරි, මාල, වළලු ගෙනවිත් සහභාගී වන්නන් හැඩගැන්වූ පද්මා අක්කාටත්, සියළු වැඩ අතහැර සහභාගීවූ අනෙකුත් සහෝදරියන්ටත් ගෞරවය හිමිවිය යුතුය.

මුලසිටම අප තීරණය කර තිබුනේ උළෙල සදහා වැයවන මුදල් ජපානයේ ශ්‍රී ලංකා සංගමය විසින් දරාගනිමින් වෙලදකුටි නොමිලයේ ලබාදීමටය. ඒ අනුව බොහෝදේ උපකරණ ඇති අයගෙන් නොමිලයේම සපයා ගැනීමට අප සැලසුම් කළේය. එය ඉතා සාර්ථක කටයුත්තක් විය. වෙලදකුටි සදහා අවශ්‍ය කුඩාරම්, මුද්‍රණ කටයුතු සහ තවත් බොහෝ දේ සයුරි ඉන්ටර්නැෂනල් ආයතනයෙන්ද, විදුලි ජනන යන්ත්‍ර වීරමුනි ට්‍රේඩින් ආයතනයේ කුමාර වීරමුනි මහතාගෙන් සහ නිශිකෝ ආයතනයේ නිශාන්ත ගනේගේ මහතාගෙන්ද, ජලය තොකුගාව ආයතනයෙන්ද, මේස පුටු EAD ආයතනයේ චින්තක මහතාගෙන්ද, භුමිය ප්‍රදේශයේ ෆුකුතරි ආයතනයෙන්ද, ආරක්ෂක සේවාව ඉතාමත්ම අඩු මුදලකට සිරි අයියා රැකියාව කරන ආයතනයෙන්ද, ඉතිරිය මගේ පොකැට්ටුවෙන්ද යොදවා ශ්‍රී ලංකා සංගමයේ ගිණුමෙන් එකදු සතයක් වත් වැය නොවන ආකාරයට සිදුකරන්නට අපට හැකිවිය.

“ශ්‍රී ලංකා උළෙල කරනවා, අනිවාර්යයෙන්ම කඩයක් දන්න” කියන වචනයට පමණක් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඉදිරිපත්වූ සියළුම වෙළදකුටි හිමියන්ටත්, විශේෂයෙන්ම කරන ලද ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් තැබිලි ගෙන්වූ ADC ආයතනයේ විරාජ් මහතාටත්, එවගේම ශ්‍රී ලංකාවේ සිට මීකිරි ගෙනවිත් උළෙල විචිත්‍රවත් කල ජුරියා ඉන්ටර්නැෂනල් ආයතනයේ තිලක් මහතාටත් විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.

මේ සදහා මාහට සහයෝගය දක්වමින් දිරි ගැන්වූ කමගයා නගරාධිපති තුමියටත්, ජපානයේ ශ්‍රී ලංකා උළෙලේ සමාරම්භක උළෙලට සහභාගිවූ නගරාධිපති තුමිය ඇතුළු නගර සභිකයන් විසි දෙදෙනාටත්, චිබා පළාත් සභාව නියෝජනය කරමින් සහභාගිවූ පළාත් මන්ත්‍රී ඉෂි මහතාටත්, පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිණි අප ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මට්සුමොතෝ මහතාටත්, වත්මන් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ටත් මගේ ගෞරවය පුදකරමි.

ආරම්භයේ සිටම මේ සදහා මාහට සෙවනැල්ලක් මෙන් සිටිමින් පහසුකම් සපයනු ලැබු අනිල් ප්‍රියන්ත මල්ලිටත්, නවින් ලක්මාල් මල්ලිටත්, සියළුම කලා නිර්මාණ සකසා දුන් මාගේ දියණිය හරුකාටත්, වෙළදකුටි ඉදිකිරිමේ සිට අවසානය දක්වාම රැදීසිටිමින් සහයෝගය දැක්වූ කුමාර අයියා ඇතුළු සැමටත්, ප්‍රචාරක කටයුතුවලදී සහයෝගය දුන් ප්‍රේම් අයියාටත් මාගේ ආයතනවල සියළුම සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් හදපිරි ගෞරවය පුදකරමි.

එමෙන්ම අවශ්‍ය සියළු කටයුතු සදහා ප්‍රශ්න කිරීමකින් තොරව බරපැන සපයා දුන් මගේ බිරිද යෝශිකටත්, ඒවා අරපරිස්සමින් කළමනාකරණය කරමින් මෙන්ම කුඩා අඩුපාඩුවක් හෝ වීමට ඉඩ නොතබා සියළු කටයුතු සිදුකලා පමණක් නොව අවසානයේ නවින් මල්ලි සමග එක්ව නිවේදන කටයුතුද සිදුකල මිනාමි මෙනවියටත්, ස්වේච්චාවෙන් ඉදිරිපත්ව කටයුතු කල කරුණාකරලා ආයුර්වේද සහ යෝගා ආයතනයේ ඉගනුම ලබන සිසුන්ටත්, උළෙල පැවති දින දෙක පුරාවටම සංගීතය සපයමින් උළෙල ආලෝකමත් කල අජන්ත අයියා ඇතුළු කණ්ඩායමටත්, ෆුජි රුපවාහිනී ආයතනයේ කැමරා කණ්ඩායමටත්, නිශ්චල චායාරුප ගතකිරීමේ කටයුත්ත නිසියකරවම ඉටුකරදුන් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ යෝෂිඩ මහතාටත්, සෑම අවස්ථාවකම ගුරුහරුකම් දෙමින් මෙන්ම නිරන්තරයෙන් දිරිගැන්වූ ජගත් රාමනායක අයියාටත් අවසාන වශයෙන් මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනාට මගේ ස්තුතිය පුදකරමි.

සමන් ප්‍රියංකර

සභාපති

ජපානයේ ශ්‍රී ලංකා සංගමය

02/11/2022