වියලි ආහාර පාර්සල බෙදාහැරීමක්..

未分類

ශ්‍රී ලංකා සංගමය, එහි සාමාජික මහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාගයෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සැබෑලෙසම ආර්ථිකමය අපහසුතා සහිත පුද්ගලයන් සඳහා වියලි ආහාර පාර්සල බෙදාහැරීමක් පසුගිය දින කීපය තුල පේදුරුතුඩුව, කන්තලේ, රත්නපුර, කුරුණෑගල, පානදුර, තණමල්විල, හපුතලේ සහ පෝද්දල යන ප්‍රදේශ වලදී සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේදී මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරනු ලැබුවේ තානාපති කාර්යාලයේ හිටපු අමාත්‍ය, රොෂාන් ගමගේ මහතා විසින්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්කොට ගනිමිනි. මේ සදහා එකතු වූ මුළු මුදල රුපියල් 1,338,396 කි.

(සියළුම ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් චායාරුප ඒවා ඇතිමුත් අහිංසක මිනිසුන්ගේ පින්තුර මෙහි ප්‍රදර්ශනය නොකිරීම උචිත යැයි සිතා පලනොකරමි)