ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ විශේෂ නියෝජිත, සුභාශ් රොෂාන් මහතා අද දින ජාතික රූපවාහිණියෙන් විකාශනය වන ආයුබෝවන් වැඩසටහනට සම්බන්දවෙමින්…

未分類

ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ, ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කිරීමට පසුගිය දින ගරු පිදුම් ලද, නීතිවේදී සුභාශ් රොෂාන් ගමගේ මහතා අද දින ජාතික රූපවාහිණියෙන් විකාශනය වන ආයුබෝවන් වැඩසටහනට සම්බන්ද විය. එහිදී SSW වැඩසටහන පිළිබදව දීර්ග පැහැදිලිකිරීමක් කළ ඔහු, මෙම මස 30 දින ජපානයේ ශ්‍රී ලංකා සංගමය සහ SL House ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස ජපානයට පැමිණීමේ මඟ​” වැඩසටහනට එක්වන ලෙස ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරනු ලැබිය.