ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ නිවේදනයකි

未分類

ජපානයේ ශ්‍රී ලංකා සංගමය මගින් ක්‍රියාත්මක පොදු වැඩසටහන් වලට ජපානයේ වෙසෙන ඕනෑම ශ්‍රී ලාංකිකයකුට සහභාගී විය හැකිය. එමෙන්ම සංගමයේ දත්ත ගබඩාවට ඔබගේ තොරතුරු ලබාදීම මගින් අප සංගමය මගින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබදව ඔබට දැනුවත් විය හැකිය.

නමුදු සංගමයේ සාමාජිකත්වයේ උන්නතිය සහ සුභසාධනය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන වැඩ සටහන් සදහා සහභාගීවීමටත්, සංගමය මගින් සිදුකරගතයුතු කටයුතු සදහා නව යෝජනා ගෙන ඒමටත්, සංගමයේ නිලවරණ සදහා චන්දය භාවිතා කිරීම සදහා වන සුදුසුකම් ලැබීමටත් ජපානයේ ශ්‍රී ලංකා සංගමය විසින් සම්මතකොට ඇති මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතුය.

ඉන් පරිභාහිරව (සාමාජිකත්වය නොලබා) සිටිමින් සාමාජිකයන් සතු අයිති වාසිකම් ඉල්ලා සිටින අවස්ථා මෙන්ම සංගමයට යෝජනා ගෙන එන අවස්ථාද පසුගිය කාලය පුරාවට අප දැක ඇත්තෙමු. එහිදී කනගටුවෙන් වුවද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා හැර වෙනත් විකල්පයක් අප සතුව නොමැත.

ප්‍රධාන වශයෙන් සාමාජිකයන්ගේ උන්නතිය සහ සුභසාධනය ඉලක්ක කරගනිමින් පහත දැක්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඇත

1) ජිවිත රක්ෂණය
2) නීති උපදෙස් ලබාදීම හෝ අදාල ආයතන වෙත යොමුකිරිම
3) රැකියා අවස්ථා ඇති විටෙක එය සාමාජිකත්වය සදහා පළමුව යොමුකිරිම
4) ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී සංගමයේ සහයෝගය අවශ්‍යවන්නේනම් එය ලබාදීම.
5) අනතුරකදී හෝ මරණයකදී මැදිහත්වී කටයුතු කිරීම

සංගමයේ සාමාජිකත්ව ගාස්තු:

සිසුන් සදහා සාමාජික මුදල වසරකට යෙන් 1000
සිසුන් නොවන ශ්‍රී ලාංකිකයන් සදහා සාමාජික මුදල වසරකට යෙන් 6000
රක්ෂණ ආවරණය සහිත සාමාජික මුදල වසරකට යෙන් 15,000
යාව ජීව සාමාජිකත්වය යෙන් 100,000

ව්‍යවස්ථාව කියවීමට පිවිසෙන්න.
https://slaj.jp/wp-content/uploads/2021/08/SLAJ-Constitution-2017_2018.pdf

කුමන හේතුවක් මත හෝ වසර දෙකකට වැඩි කාලයක් සාමාජික මුදල් ගෙවා නොමැතිවිටෙක සාමාජිකත්වය අහිමිවන අතර සාමාජිකත්වය අහිමිවූ අයකුට සංගමයේ සාමාජිකයන් සතු අයිතිවාසිකම් සහ චන්ද බලයද අහිමිවනු ඇත.

එබැවින් සාමාජිකයන් සතු අයිති වාසිකම් ලබාගැනීම සදහා ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සාමාජිකත්වය ලබාගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.